Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අනුරාධපුර දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉෂාරා මධුරංගිද සම්මාන දිනාගත්හ. ඔවුන් දෙදෙනාම එම සම්මානවලට හිමිකම් කීවේ ත්‍රිත්ව ශූරතා දිනාගනිමිනි.

වයස 21 න් පහළ පිරිමි ශූරතාව දිනාගත් උදය රණසිංහ, ඉන් නොනැවතී විවෘත පිරිමි කේවල සහ විවෘත පිරිමි යුගල ශූරතාද දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය. මාස් ඉන්ටිමේට් ආයතනයේ නිර්මල ජයසිංහ පිරිමි යුගල ඉසව්වේදී උදයගේ සහායක ක්‍රීඩකයා ලෙස කටයුතු කළේය.

ඉෂාරා මධුරංගි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ විවෘත කාන්තා කේවල, විවෘත කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ශූරතා දිනාගනිමිනි. කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු සමග එක්ව කාන්තා යුගල ඉසව්වට සහභාගි වූ ඉෂාරා, මිශ්‍ර යුගල ඉසව්වට සහභාගි වූයේ ස්ටැග් මේසපන්දු සංගමයේ රොහාන් සිරිසේන සමග එක්වය.

අනුරාධපුර ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ.


තරග ප්‍රතිඵල
■    විවෘත පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-3 ක් ලෙස නිමේෂ් රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (10/12, 09/11, 11/06, 11/09, 07/11, 11/09, 11/06)

■    විවෘත පිරිමි යුගල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට් ආයතනය) විසින් තරග වට 3-1 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) පරාජය කරන ලදහ. (12/10, 05/11, 12/10, 11/05)

■    විවෘත කාන්තා කේවල
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) විසින් තරග වට 4-3 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 07/11, 11/07, 10/12, 08/11, 13/11, 11/08)

■    විවෘත කාන්තා යුගල
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ නුවනි නවෝද්‍යා (යුද හමුදාව) විසින් තරග වට 3-0 ක් ලෙස කසුනි පිටිගල (යුද හමුදාව) සහ නඳුනි සුරසිංහ (ඉන්ජිනේරු තාක්ෂණ ආයතනය) පරාජය කරන ලදහ. (11/06, 13/11, 11/07)

■    මිශ්‍ර යුගල
රොහාන් සිරිසේන (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) සහ ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) විසින් තරග වට 3-0 ක් ලෙස උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදහ. (11/02, 16/14, 11/03)

■    වයස 21 න් පහළ පිරිමි කේවල
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මාස් ඉන්ටිමේට් ආයතනය) පරාජය කරන ලදි. (11/07, 11/05, 11/08)

■    වයස 21 න් පහළ කාන්තා කේවල
චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (15/13, 11/06, 08/11, 11/03)

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.