Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ දිස්ත්‍රික් මේසපන්දු සංගමය සහ ජනසතු සේවා මේසපන්දු සංගමය එක්වසංවිධානය කළසමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දුතරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජයේ උදය රණසිංහ සමත් විය. තරගාවලියේ විවෘත කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ වරාය අධිකරියේ ඉෂාරා මධුරංගි විසිනි.

අවසන් මහ තරගයේදී වට 4-2 ක් ලෙස මාස් ඉන්ටිමේට්ස් ආයතනයේ බී.එන්.බී. ජයසිංහ පරාජය කරමින් උදය විවෘත කේවල ශූරතාවට හිමිකම් කීවේය. ඉෂාරා විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස යුද හමුදාවේ එරන්දි වරුසවිතාන පරාජය කරමිනි.

කැපී පෙනෙන දස්කම් දක්වමින් බාලක, වයස 15 න් පහළ සහ වයස 18 න් පහළ ශූරතා ද්විත්වයම තමන් සතුකර ගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් විය. වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ධනුෂ්ක විජේසිංහපරාජය කළ සෙනුර, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී එම විදුහලේම චන්දුප අලහකෝන් පරාජය කළේය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහාදිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. මාලිකා මධුෂානි මෙනවිය, නාමල් ගුණසේකර මහත්මිය, මහින්ද ඇල්ලෙපොල සහ ඩබ්ලිව්.ඒ. බුද්ධසිරි යන මහත්වරු ආරාධිතයන් ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වූහ.

බාලක තරග ප්‍රතිඵල
■ වයස 10 න් පහළ
සෙතික් දිනසර (කොළඹ ආනන්ද විදුහල)විසින් තරග වට 3-2ක් ලෙස අමාෂ් දෙව්මික (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්දවිදුහල)පරාජය කරන ලදි. (12/10, 07/11, 11/09, 12/10)

■ වයස 12 න් පහළ
දෙව්මෙත් වීරසේන(නුගේගොඩ ලයිසියම්ජාත්‍යන්තර පාසල)විසින් තරග වට 3-2 ක් ලෙස කකෙරු හෙන්නායක(කොළඹ ආනන්ද විදුහල)පරාජය කරන ලදි. (11/08, 11/03, 10/12, 07/11, 11/09)

■ වයස 15 න් පහළ
සෙනුර සිල්වා(කොළඹ ආනන්ද විදුහල)විසින් තරග වට 3-0ක් ලෙස ධනුෂ්ක විජේසිංහ(මහනුවර කිංග්ස්වුඞ් විදුහල)පරාජය කරන ලදි. (11/08, 11/03, 11/05)

■ වයස 18 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)විසින් තරග වට 3-0 ක් ලෙස චන්දුප අලහකෝන් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල)පරාජය කරන ලදි. (11/04, 12/10, 11/09)

බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 10 න් පහළ
සමින්දි වීරසූරිය (මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය)විසින් තරග වට 3-2 ක් ලෙස සඳෙව් දෙව්රූ (අම්බලන්ගොඩ ධර්මාශෝකවිදුහල)පරාජය කරන ලදි. (11/08,08/11,12/10, 05/11, 11/06)

■ වයස 12 න් පහළ
ටමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්දවිදුහල)විසින් තරග වට 3-0 ක් ලෙස ලෙසන්යා සිතුමදි(අම්බලන්ගොඩ ධර්මාශෝකවිදුහල)පරාජය කරන ලදි. (11/04, 19/17, 11/09)

■ වයස 15 න් පහළ
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ්විදුහල)විසින් තරග වට 3-0 ක් ලෙස සඳුනි ප්‍රබුද්දිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)පරාජය කරන ලදි. (11/08, 12/10, 11/06)

■ වයස 18 න් පහළ
ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල)විසින් තරග වට 3-1 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05, 08/11, 11/09)


විවෘත තරග ප්‍රතිඵල
■ විවෘත පිරිමි
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජය) විසින් තරග වට 4-2 ක් ලෙස බී.එන්.බී.ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස් ආයතනය)පරාජය කරන ලදි. (06/11, 11/08, 11/09, 06/11, 11/08, 11/08)

■ විවෘත කාන්තා
ඉෂාරා මධුරංගි(ශ්‍රී ලංකා වරාය අධිකාරිය) විසින් තරග වට 4-1 ක් ලෙස එරන්දි වරුසවිතාන(ශ්‍රී ලංකා යුධ හමුදාව) පරාජය කරන ලදි. (11/07, 11/09, 11/03, 17/19, 11/09)

(ලංකාදීප)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.