Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී) මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය. වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාරය.  සංගක්කාර මහතා ඔක්තෝබර් මස 1 වැනිදා සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය. මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ වාර්ෂික සභා වාරයේදී වත්මන් සභාපති ඇන්තනි රේෆර්ඩ් විසින් ඊළඟ සභාපති වරයා සංගක්කාර වශයෙන් නිවේදනය කරන ලදී.

ක්‍රිකට් සම්ප්‍රදායේ නිර්මාතෘවරුන් සේම ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදනයේ ද නිර්මාතෘවරුන් ලෙස සැලකෙන්නේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි. සංගක්කාර මහාතා මාර්ලිබෝන් සමාජය සමග නිරන්තර සම්බන්ධතාවක් පැවත් වූ ලාංකික ක්‍රීඩකයාය. සංගක්කාර 2012 වසරේ සිට ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකයකු ලෙස පිළි ගැණින.

එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම්කරනු ලැබීම අති විශාල ගෞරවයක්. මම ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් එම්.සී.සී. කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටතම ක්‍රීඩා සමාජයයි. ලෝකය පුරාම සිටින දෙනා ඒ දෙස බලා සිටිනවා වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදී සහ ඉන් පිටතදීත් එම්.සී.සී. ක්‍රීඩා සමාජය අත්කරගෙන තිබෙන ප්‍රගතිය අති විශාලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටියදී 2011 දී ඔහු කළ කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝඩ්ස් ක්‍රීඩාංගණයටත් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයටත් කීර්තියක් අත්කර දුන්නේය.  

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ නම රැන්දූ ක්‍රීඩකයන්ගේ නාමපුවරුවට සංගක්කාර දෙවතාවක්ම ඇතුළත් වූයේය. 2014 දී ලෝඞ්ස් පිටියේ පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබාගත් සංගක්කාර පසුව පැවැති එක්දින තරගයකදී එංගලන්තයට එරෙහිව ලකුණු 112 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

(මූලාශ්‍ර- ලංකාදීප)
කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනය - විඩියෝව 
slplt20cricket

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.