ඔලිම්පික් තරගාවලියේ තවත් ගැටලුවක්
- 2016-10-28 13:04:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවරදී නිමා වූ ඔලිම්පික් තරගාවලිය පිළිබඳව ලෝක තහනම් උත්තේජන නිවාරණ ඒජන්සියේ වාර්තාව එළිදක්වා තිබේ.
කෙසේ වෙතත් එම වාර්තාවෙන් තරගාවලියේ සංවිධාකයන් වෙනුවෙන් සෘජුවම දෝෂාරෝපණ එල්ල වී තිබෙන අතර ක්‍රීඩකයන් තහනම් උත්තේජන සඳහා යොදාගැනීමේ ක්‍රමවේදයේ දරුණු කඩාවැටීමක් ඇතිව තිබෙන බව එහි සඳහන් වෙයි.
පිටු 55කින් යුතු වාර්තාවෙන් පවසා ඇත්තේ සැලසුම් කළ තහනම් උත්තේජන පරික්ෂණවලින් 50%ක පමණ ප්‍රමාණයක් සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
එසේම ලබාගත් සාම්පල් වල 100ක් පමණ දත්ත ඇතුළත් කිරිමේ ගැටලුවක් හේතුවෙන් ක්‍රීඩකයන් හා නොසැදෙන බවත් එහි සඳහන් වෙයි.
ඔලිම්පික් තරගාවලියකදී තහනම් උත්තේජන පරීක්ෂණ කිරීම ඔලිම්පික් කමිටුව විසින් සිදුකළ යුතු වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments