Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

SRI LANKA SOUTH ASIA GAMESඅගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මැතිව් අබේසිංහ, චෙරන්ත ද සිල්වා, මචිකෝ රහීම් සහ කිමිකෝ රහීම් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනාගෙන් ක‍්‍රීඩකයකුට සහ ක‍්‍රීඩිකාවකට හිමිවන බව ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයේ ලේකම් මිගාර ගුණතිලක මහතා පවසයි. මෙහි විශේෂත්වය වන්නේ මචිකෝ සහ කිමිකෝ සොහොයුරියන් දෙදෙනාම ඔලිම්පික් වරම් ලැබීමේ අවස්ථාවේ සිටීමයි.

අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනය (ෆීනා) ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමයට දන්වා ඇත්තේ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනාගෙන් ක‍්‍රීඩකයකුට සහ ක‍්‍රීඩිකාවකට ඔලිම්පික් වරම් ලබාදිය හැකි බවත්, ජුලි මස 3 වැනිදාට පෙර එම සුදුසුකම්ලත් ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව කවුරුන්ද යන්න ප‍්‍රකාශයට පත් කරන ලෙසත්ය.

වයිල්ඞ් කාඞ් ක‍්‍රමයෙන් මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවට හිමිවේ. යම් හෙයකින් අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ‘බී’ ශ්‍රේණියේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද එම අවස්ථාව ලබා දුන හොත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනාටම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ දුර්ලභ අවස්ථාවක් හිමිවන බවත් වාර්තාවේ.

මිගාර ගුණතිලක මහතා පවසන්නේ ජාතික පිහිනුම් තේරීම් කමිටුව යම් ක‍්‍රමවේදයකට අනුව ඔලිමපික් උළෙලට යවන ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව තෝරා ජාතික තේරීම් කමිටුවට සහ ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරන බවයි.

පසුගිය වසරේ (2015) මාර්තු මස 1 වැනිදා සිට මෙම වසරේ ජුලි මස 3 වැනිදා දක්වා කාලය තුළ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවුදෙනා ජාත්‍යන්තර පිහිනුම් තරගවලදී දක්වා ඇති දස්කම් සලකා බලා සුදුස්සන් තෝරා ගැනීමට නියමිතය.

ඔවුන් ඉසව්වලදී ලබාගත් හො`දම කාලයන් විශේෂයෙන් සලකා බැලේ.
 
කෙසේ වෙතත් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා මෙම කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් සිවුදෙනාට සහභාගිවිය හැකි අවසන් ජාත්‍යන්තර පිහිනුම් තරගාවලිය වන්නේ හොංකොං විවෘත පිහිනුම් තරගාවලියයි. අදියර දෙකකින් ක‍්‍රියාත්මක මෙම තරගාවලියේ පළමු අදියර මේ මස 18 සහ 19 දෙදින පැවැත්වෙන අතර අවසන් අදියර පැවැත්වෙන්නේ ජුලි මස 2 සහ 3 දෙදිනයි.

තරගාවලියේ පළමු අදියරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහභාගිවිය හැකි වුව ද, දෙවැනි අදියරට සහභාගිවුවත් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ලකුණු ලබා දීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වන බව ගුණතිලක මහතා පැවසීය. අවසන් අදියර පැවැත්වෙද්දී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවන්නේ කවුරුන් ද යන්න තීරණය කර අවසන් බව ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසීය.

ඔවුන් හොංකොං තරගාවලියට සහභාගිවන බව නිශ්චිතව මෙතෙක් දන්වා නැතැයි ද ගුණතිලක මහතා කීය.

”අපි පසුගිය වසරේ මාර්තු මස 1 වැනිදා සිට මේ දක්වා ඔවුන්ගේ දස්කම් සලකා බලා කවුද සුදුස්සන් දෙදෙනා යන්න කිව හැකි මට්ටමකයි සිටින්නේ. නමුත් හොංකොං තරගාවලියට යන්න අපි ඔවුන්ට අවස්ථාව දීලා තියෙන්නේ”
”යන නොයන එක ඔවුන්ගේ තීරණයක්. ඔවුන් එම අවස්ථාව ලබා ගත්තොත් එම තරගාවලියේ පළමු අදියරත් සලකා බලන්න  ඕනේ යැයි”  මිගාර ගුණතිලක මහතා පැවසීය.  

මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිවු දෙනාම මෙම වසරේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පදක්කම් ලාභීන් වන අතර ඔවුන් අතරින් මැතිව් සහ කිමිකෝ රන් පදක්කම් 13 ක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වුහ.

ජුලි මස 11 වැනිදා දක්වා ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ අවස්ථාව ශ‍්‍රී ලංකා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට  තිබෙන බව ජාතික ඔලිම්පික් කමිටුව දන්වා සිටියි.(lankadeepa)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.