ඔස්ට්‍රේලියාවේ ප්‍රථම අද්භූත දඟ පන්දු යවන්නා අභාවප්‍රාප්ත වෙයි
- 2016-10-09 10:37:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු දඟ පන්දු යවන්නෙකු වෙන ජෝන් ග්ලීසෙන් අභාවප්‍රාප්ත වූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. ඔහු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වූ බව නිවේදනය කළ අතර ඒ වන විට ජොන් 78 වැනි වියේ පසුවූයේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 29ට ක්‍රීඩා ඇති ජොන් එහිදි කඩුලු 93ක් දවාගෙන ඇත. එයට කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා තුනක්ද ඇතුළත් වෙයි.
ඔස්ට්‍රේලියාවේ ජැක් ඉවරසන්ට හා ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්ට පෙරාතුව ක්‍රිකට් ලෝකයේ මැජක් දඟ පන්දු යවන්නා ලෙස ජෝන් ප්‍රසිද්ධව සිටියේය.
ඒ ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ විලාශය අනුවයි. කඩුලු රකින්නෙකු ලෙස සිය ක්‍රිකට් දිවිය ආරම්භ කර ඇති ජොන් පසුව දඟ පන්දු යවන්නෙකු වූ අතර ඔහු මේස පන්දු ක්‍රීඩාවේදී යොදා ගන්නා මේස පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments