ඔස්ට්‍රේලියාවට පහසු ජයක්
- 2019-06-21 12:49:30
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 48ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගය ලෙස මෙම තරගය නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (20දා) පැවැත්විණි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 382ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 333ක් පමණි. කෙසේ නමුත් මෙම ලකුණු සංඛ්‍යාව බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් එක්දින තරගයක ක්‍රීඩාකළ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මුෂ්ෆිකර් රහීම් පන්දු 97කදී ලකුණු 102ක් රැස්කළ අතර, එය ඔහුගේ පළමු ලෝක කුසලාන ශතකය විය. බංග්ලාදේශය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියන්හිදී ශතක රැස්කළ ඇත්තේ මහමදුල්ලා (2) හා ශකීබ් අල් හසන් (2) පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 381ක් රැස්කිරීමට සමත්විය. මෙහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 147කදී ලකුණු 166ක් රැස් කළේය. ඔහුට අමතරව උස්මාන් කවජා (89) හා ආරොන් ෆින්ච් (53) අර්ධ ශතක රැස්කළහ. බංග්ලාදේශය වෙනුවෙන් සූම්‍ය සර්කාර් ලකුණු 58කට කඩුලු 03ක් බිඳළීමට සමත් විය. තරගයේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනා ගත්තේය.
Reply To:
Name - Reply Comment
0 Comments