Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද දරුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 60ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 53ක් රැස්කළේය. දැවී ගිය එකම පිතිකරුවා වූ ආරොන්ච් ෆින්ච් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට නායක ලසිත් මාලිංග සමත්විය.

ගැබා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 දී සියලුම දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 117ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 හා කුසල් පෙරේරා ලකුණු 27ක් රැස්කිරීමට සමත්වූ අතර වෙනස් කසිම ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ පැට් කමින්ස්, ඇඩම් සැම්පා, ඇශ්ටන් අගාර්, බී. ස්ටෑන්ලේක් කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.