Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඔස්ට්‍රේලියාව පුරා ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ආධාර ඉල්ලා ඇතැයි 'අද' පුවත්පතට වාර්තාවේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති අර්ල් එඩින්ග්ස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබට්ස් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකර තිබේ.

'ද බිග් ඇපීල්' ලෙස නම් කර ඇති මෙම පුණ්‍යාධාර කටයුත්ත ඇමෙරිකානු ඩොලර් මිලියන 02කින් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ආධාර කරන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රීඩකයන්ගෙන් මෙම කටයුත්ත ප්‍රවර්ධනය කරදෙන ලෙසත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් (ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අදාළ ඉල්ලීම කරන අවස්ථාව වනවිට) පුද්ගලයන් 34 දෙනෙකු මියගොස් 5,900කට ආසන්න වාසස්ථාන අහිමිව ඇති අතර, බිලියන 1.5කට ආසන්න වන සතුන්ගේ ජීවිත අහිමිව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සඳහා තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පරිපාලන කමිටු සාමාජිකයෙකු 'අද' පුවත්පතට පැවසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.