ඔස්ට්‍රේලියා අගමැතිට එරෙහිව පැවැති තරගය ඉතිහාසයට
- 2017-02-16 12:02:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ලෙස ශ්‍රෘ ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම අතර ඊයේ (15දා) කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැති තරගය ඉතිහාසයට එක්වෙයි.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාද ඒ බව තහවුරු කළේය. පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී ටර්බුල් මහතා මේ බව පැවැසීය.
තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූ අතර කාසියේ වාසිය උරගා බැලිම සඳහා ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගෙන තිබුණි. පෙරහුරු තරගය නැරඹීහ සඳහා අග්‍රාමාත්‍යවරු දෙපළද එක්වූ අතර එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments