ඔස්ට්‍රේලියාවට ශූරතාව
- 2016-06-28 00:28:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 58කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේයානු කණ්ඩායම ඊයේ (26දා) සමත්විය. බාබඩෝහි පැවති මෙම තරගය, මෙරට වේලාවෙන් අද අළුයම අවසන් විය.
කොදෙව්, ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් සහභාගත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි. එහිදී සෑම කණ්ඩායමක්ම තරග 06 බැගින් ක්‍රීඩාකළ අතර, ඉන් තරග තුන බැගින් ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් ජයගෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ. මෙහිදී දකුණු අප්‍රිකාවට තරග තුනක් පරාජය වී තරග දෙකක් පමණක් ජයගැනීමට හැකිවිය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 271ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් පිතිකරුවන්ට පන්දුවාර 45.4ක් අවසනදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212ක් පමණි.
කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 09ක් දැවී ලකුණු 270ක් රැස්කිරීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් දක්‍ෂතා දැක්වූ මිචෙල් මාෂ් සම්මාන දිනාගත් අතර, තරගාවලිය පුරා පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ ජෝෂ් හැස්ල්වුඩ් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය
Reply To:
Name - Reply Comment
0 Comments