ඕස්ට්‍රේලියානු යොවුන් පිලට කඩුලු 4 ක පහසු ජයක්
- 2017-04-21 20:34:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ හෝබර්ට්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (21) පැවැති සිවුවැනි තරගයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් පිල කඩුලු 4 කින් ජය ලැබීය. ඕස්ට්‍රේලියානු පිල මෙම ජයග්‍රහණයත් සමග තරගයක් ඉතිරිව තිබියදී 3-1 ක් ලෙස තරගාවලියේ ජය තහවුරුකර ගැනීමට සමත්ව සිටියි.
ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකරුවෝ ලකුණු 164 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 45.4 කදී කඩුලු 6 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 41 කට බිද වැටීමෙන් තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ලැබුණු අවස්ථාව ලැබුණද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණය ප්‍රමාණවත් නොවීය. ඔස්ටින් වෝ (60) සහ මැතිව් ස්පූර්ස් (32) පස්වැනි කඩුල්ලට ලකුණු 58 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ශක්තිමත් අඩිතාලම දැමූහ.
හරීන් බුද්ධිල (22/2) සහ නිපුන් රංසික (22/2) සාර්ථක පන්දු යවන්නන් බවට පත්වෙමින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. ජෙහාන් ඩැනියල් පන්දු 70 කදී ලකුණු 36 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. දෙපිල අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (23) හෝබාර්ට්හිදී පැවැත්වේ.
(ලංකාදීප ඇසුරින්)
Reply To:
Name - Reply Comment
0 Comments