කැරම් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට
- 2018-08-27 12:28:54
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය කණ්ඩායමට පරාජය කරමින් කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණේ වට 3 ට 0 ක් ලෙසයි. ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments