කුසල් - ඕෂධ ඉදිරියට
- 2019-02-25 14:51:05
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා අනුව එම ටෙස්ට් තරගයෙන් පසුව නිකුත් කළ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි මෙසේ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
මෙහිදී විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් හා ඕෂද ප්‍රනාන්දු කැපි පෙනෙන් ලෙස ඉදිරියට පැමිණීම සමත්ව තිබේ.
ඒ අනුව කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් අතර 18 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමිනි. ඕෂධ ප්‍රනාන්දු ටෙස්ට් පිතිකරුවන් අතර 65 වැනි ස්ථානයටත් පත්ව තිබේ. ඕෂධ ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග දෙකෙන් ජාත්‍යන්තර පිටියට පිවිසියේය.
නිරෝෂන් දික්වැල්ලද ස්ථාන 8ක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානයට පත්විය.
ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්
පිතිකරණ
ළහිරු තිරිමාන්න 98 (ස්ථාන 3ක් ඉදිරියට)
පන්දු යැවීම
සුරංග ලක්මාල් 30 (ස්ථාන 3ක් ඉදිරියට)
විශ්ව ප්‍රනාන්දු 43 (ස්ථාන 6ක් ඉදිරියට)
කසුන් රාජිත 51 (ස්ථාන 8ක් ඉදිරියට)
ධනංජය ද සිල්වා 77 (ස්ථාන 19ක් ඉදිරියට)
Reply To:
Name - Reply Comment
0 Comments