කෘතිම පාදය ගැලවුණත් තරග කළ ක්රීඩකයා
- 2016-10-31 16:31:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්ත පාදයක් අහිමි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දු රකින විට සිය කෘත්‍රීම පාදය ගැලවී ගිය විට පවා එය නොතකමින් පන්දු රැකීමේ කාර්යයෙහි නිරත වී සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ඩුබායි ඇකඩමි ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුරදී එංගලන්ත ක්‍රීඩක ලියම් තෝමස් මෙම සිදුවීමට මුහුණ දුන්නේය. තරගාවලියේ පාකිස්තානය හා පැවැති අවසන් විස්සයි20 තරගයේදී පාකස්තාන ක්‍රීඩකයෙකු එල්ල කළ පහරකට අදාළව පන්දු රැකගැනීමට යාමේදී ලියම්ගේ කෘත්‍රීම පාදය ගැලවී යයි.
කෙසේ වෙතත් එයින් තත්ත්පරයක ප්‍රමාද නොවුණ ලියම් තනි කකුලෙන් පන්දුව දෙසට ගොස් එක රැකගෙන යොමු කිරීමට සමත්වෙයි. ඉන් අනතුරුව නැවතත් සිය කෘත්‍රීම පාදය සවි කරගන්නා ලියම් සුපුරුදු පරිදි ක්‍රීඩාවේ නිරත වෙයි. විනාඩියකටත් අඩු කාලයකදී සිදුවෙන මෙම සිදුවීමට මේ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව අවසන්ය. කෙසේ වෙතත් තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජයට පත්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී (ඩේලිමේල් ඇසුරෙනි)
Reply To:
Name - Reply Comment
0 Comments