Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


අන්තර් පාසල් වයස 19න් පහළ බාලක  ”කොත්මලේ” කුසලාන පාපන්දු ශූරතාවලියේ අවසන් මහ තරගය ලබන නොවැම්බර් 6 වැනිදා යාපනය දුරේඅප්පා” පිටියේදී පැවැත්වේ. එහි අවසන් පූර්ව තරග එම පිටියේදීම නොවැම්බර් 4 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
දිවයිනේ ජනපි‍්‍රය පාසල් කණ්ඩායම් 28ක්  සහභාගිවූ මෙහි අවසන් පූර්ව තරග සඳහා යාපනයේ පාසල් කණ්ඩායම් දෙකක් තේරී සිටීම කැපී පෙනේ. ඒ ගියවර ශූරතාව දිනාගත් යාපනය එලයාලේ ශාන්ත හෙන්රි විදුහල හා යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහලය.
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා ගියවර අනු ශූරතාව ලද කොළඹ සහිරා විදුහල අවසන් පූර්ව වටයට පිවිසි සෙසු පාසල් කණ්ඩායම් දෙකය.
කොළඹ සිටි ලීග් පිටියේ පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය ශාන්ත පැටි‍්‍රක් විදුහල විසින් කොළඹ හමීඩියා අල් හුසේන් විදුහල දඬුවම් පහර 3x1ක් ලෙසත්, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල විසින් කළුතර සිරිකුරුස විදුහල ගෝල 5x2ක් ලෙසත් පරාජය කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූහ.
මේ අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරග දෙකේදී යාපනය ශාන්ත හෙන්රි විදුහල විසින් මීගමුව ශාන්ත මේරි විදුහල ද (2x0*, කොළඹ සහිරා විදුහල විසින් කඳාන ද මැසිනොද් විදුහල ද (4x1)පරාජය කරන ලදී. 
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ එවකට සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ අදහසක් අනුව මෙවර ජනපි‍්‍රය පාසල් අතර පාපන්දු කී‍්‍රඩාව ජනපි‍්‍රය කිරීම සඳහා මෙම තරගමාලාව හඳුන්වා දෙනු ලැබීය. 
ඒ අනුව ශාන්ත පැටි‍්‍රක් විදුහල හා ජෝශප් වාස් විදුහල අතරද, ශාන්ත හෙන්රි විදුහල හා කොළඹ සහිරා විදුහල අතරද මෙවර කොත්මලේ කුසලාන අවසන් පූර්ව තරග දෙක පැවැත්වේ. තරගාවලියේ මූලික වටය කාණ්ඩ හතරකින් ලීග් ක‍්‍රමයට පැවැති අතර ඊට මුළු තරග 84ක් අන්තර්ගත විය.

Zahira -  02

(නාමල් පතිරගේ-ලංකාදීප පුවත්පත)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.