Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2019 වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ඒ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැති තරගාවලියේදී සුපිරි හය දෙනාගේ වටයේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත්වීමත් සමගිනි.

තරග පහකට ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම ඉන් තරග 4ක් ජයගනිමින් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය.

පස්වැනි තරගය කොදෙව් කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති අතර එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5ක ජයක් කොදෙව් කණ්ඩායමට හිමිවිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස්කිරීමට සමත්විය.

 ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ වන විට ස්කොට්ලන්ත කණ්ඩායම 35.2කදී ලකුණු 125/5ක් රැස්කරගෙන සිටියේය.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර ඒ වන විට තරගය ජයග්‍රහණය කිරීම සඳහා ස්කොට්ලන්ත කණ්ඩායම රැස්කරගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 131කි.

මෙම තරග සිම්බාබ්වේහිදී පැවැත්වෙයි.

[caption id="attachment_20723" align="alignleft" width="1400"]WHANGAREI, NEW ZEALAND - DECEMBER 20: Evin Lewis of West Indies bats during the first match in the One Day International series between New Zealand and the West Indies at Cobham Oval on December 20, 2017 in Whangarei, New Zealand. (Photo by Dave Rowland/Getty Images)[/caption]

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.