කෝපා ඩෙල් රේ කුසලානය බාසිලෝනාවට
- 2018-04-23 15:54:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ වසරේ ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලීන්හි සුපරි දක්ෂතා දක්වමින් තිබෙන බාසිලෝනා කණ්ඩායම කෝපා ඩෙල් රේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමටද සමත්ව තිබේ.
ඒ ඊයේ (21දා) රාත්‍රියේ පැවැති අවසන් තරගයේදී සෙවිලියා කණ්ඩායමට එරෙහිව ගෝල 5-0ක ජයක් වාර්තා කරමිනි. බාසිලෝනා කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ අඛණ්ඩව සිවු වැනි අවස්ථාවට වන අතර සමස්තයක් ලෙස මෙය ඔවුන් හිමිකර ගත් 30 වැනි ශූරතාවයි.
ස්පාඤ්ඤයේ පැරණිම පාපන්දු තරගාවලිය වන්නේද කෝපා ඩෙල් රේ තරගාවලියයි.
මෙහිදී බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ලුයිස් සුආරෙස් ගෝල දෙකක්, පිලිපේ කෝටිනේ, ලයනල් මෙසී හා නායක ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා ගෝලය බැගින් වාර්තා කිරීමට සමත් වූහ. ඉදිරියේදී චීන කණ්ඩායමක් වෙත ක්‍රීඩා කිරීමට නියමිත ඉනියෙස්ටා බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් මහ තරගයද මෙය වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments