Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපානයක දිනෙෂ් චන්දිමාල් මෙවර පැවැත්විමට නියමිත ඉන්දිය ප්‍රිමියර් ලිග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. චන්දිමාල් මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 21 දෙනෙකු මෙවර අයි.පී.එල්. වෙන්දේසියට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ඒ අතරින් නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඉන්දිය රුපියල් කෝටි 2ක මුලික මිලක් නියම වි ඇති අතර එසේ ඉහළ මිලක් වූ නියම වූ ක්‍රීඩකයන් හත් දෙනාගෙන් එක් අයෙකුද ඇන්ජලෝ මැතිව්ස්ය.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලසිත් මාලිංග සුපුරුදු පරිදි මෙවරද වෙන්දේසියට ඉදිරිපත් නොවන අතර ඔහු කණ්ඩායමේ රඳවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබේ. මීට ඉහතදී දිනේෂ් චන්දිමාල් අවස්ථා කිහිපයකදීම අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොවීය.

වෙන්දේසියට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ජිවන් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමිර, ධනංජයද සිල්වා, තික්ෂිලද සිල්වා, ඇන්ජලෝ පෙරේරා. දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, මලින්ද පුෂ්පකුමාර, ෆර්විෂ් මහරූෆ්

නිරෝෂා ප්‍රියදර්ශනී

Dinesh Chandimal

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.