Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ගෞරවාන්විතම තරගාවලිය වන 'ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 97 වැනි අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ. තෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය අනිද්දා (18දා) අවසන් වේ. තරගාවලිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාග්) සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන අවසන් තෝරා ගැනීමේ තරගාවලිය ලෙස මෙවර තරගාවලිය පැවැත්වේ. කෙසේ නමුත් ඉකුත් වර්ෂයන්ට සාපේක්‍ෂව මෙවර තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩුවක් පවතියි. මෙවර තරගකරුවන් අතරින් 486ක් ක්‍රීඩකයන් වන අතර, 148 දෙනෙක් ක්‍රීඩිකාවෝ වෙති.

මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩු වීම දක්නට ලැබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සාග් සංවිධායකයින් මෙවර ක්‍රීඩා උළෙලට 'එක් ඉසව්වක් සඳහා එක් රටකින් සහභාගි විය හැක්කේ එක් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පමණක් වීම' යන නව නීතිය හඳුන්වා දීම ප්‍රධාන වශයෙන් බලපෑ නිසාය. කෙසේ නමුත් මෙම නීතිය නිසා මෙවර ජාතික ශූරතාවේ කේවල ඉසව්වන්ගේ තරගකාරිත්වය ඉහළ යනු ඇති බව සංවිධායකයන් පවසයි.

පාසල් මට්ටමෙන් මෙවර තරගාවලිය සඳහා වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත අතර, විදෙස් රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එහි වෙයි. ඒ අතරින් ශ්‍රී ලංකා දිගුදුර ධාවන ශූරී දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන හිරුණි විජයරත්න කැපී පෙනෙයි.

දේශීය දක්‍ෂයින් ලෙස මීටර් 2000 බාධක දිවීම ඉසව්වේ යොවුන් ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනිය මෙන්ම ආසියානු ශූරිය වන පාරමි වසන්ති මාරිස්ටෙලා, දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ එෂාන් (මී. 100), ආසියානු කනිෂ්ඨ ශූර අරුණ දර්ශන (මී. 400), රියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), ආසියානු පදක්කම්ලාභී විදූෂා ලක්ෂානි (තුම්පිම්ම), දකුණු ආසියානු පදක්කම්ලාභී දිල්ෂි කුමාරසිංහ (මී. 800) වැනි ජාත්‍යන්තර මට්ටමේ ජයකෙහෙළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වැදීමට නියමිතව ඇත.

කෙසේ නමුත් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම්හි නිරත වන උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර මෙන්ම උසස් පෙළ විභාගය හේතුවෙන් ආසියානු කනිෂ්ඨ සහාය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක්, මීටර 400 ශූර කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයින් මෙවර තරග සඳහා ඉදිරිපත් නොවෙති..

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.