ජාතික මහා ක්රීිඩා උළෙලේ දී මනෝජි මිටිය විසි කිරීමේ නව වාර්තාවක් සමග රන් පදක්කම දිනයි
- 2017-09-26 23:51:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මිටිය වීසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මනෝජි අමරසිංහ සමත් වූවාය. මීටර 48.76 ක් දුරක් විසි කර විසින් ආර්.කේ. ඒ. මධුවන්තිගේ පැරණි ශ්‍රී ලංකා වාර්තාව (මීටර 48.08 - 2017 බැංකොක් නුවරදී) බිඳ දමමින් දස්කම් දැක්වූවාය. පැරණි හිමිකාර මධුවන්ති මෙවර දී ක්‍රීඩා උළෙලේ දස්කම් මීටර 43.36 කි. ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන විට බිහිවී තිබුණේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකකි.
රිටි පැනීම (කාන්තා) ඉසව්වේදී මීටර 3.48 ක දක්ෂතාවක් පෙන්වමින් පළමු නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ උතුරු පළාතේ ජෙගතීෂ්වරන් අනීතාය. උස පැනීම (පිරිමි) ඉසව්ව සුපුරුදු ලෙස මංජුල කුමාර විජේසේකර ජය ගත්තේ මීටර් 2.18 ක් පනිමිනි. වසර 2000 සිට මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරන ඔහු වැඩිම වාර ගණනක් මෙම ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා දිනාගත් ක්‍රීඩකයායි. 33 හැවිරිදි මංජුල කුමාර වසර 2010 සිට 2015 දක්වා අඛණ්ඩව ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත්ව සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments