Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලාංකේය කෙළිබිමේ මෞලි මංගල්‍ය හෙවත් 'ජාතික මහා ක්‍රීඩා උළෙලේ' 44 වැනි දිගහැරුම පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (14දා) නිමාවට පත්විය. ඔලිම්පික් හා ඔලිම්පික් නොවන ලෙස ක්‍රීඩා 33ක් යටතේ මෙවර පැවැති ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව (ජනාධිපති ශූරතාව) දිනාගැනීමට බස්නාහිර පළාත සමත් විය.

බස්නාහිර පළාත මෙවරද ක්‍රීඩා උළෙල ඉතිහාසයේ තෙවැනි වරටත් රන් පදක්කම් සියය (101) අබිබවා යාමට සමත් විය. 1967 වසරේදී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙල සංකල්පය, 1988 වසරේ සිට පළාත් මට්ටමින් පැවැත්වීමට තීරණය කිරීමෙන් පසු එතැන් සිට මේ දක්වා අඛණ්ව මෙහි ආධිපත්‍ය නතු කරගැනීමට බස්නාහිර පළාත සමත් වීම සුවිශේෂත්වයකි.

මෙවර ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර (දකුණු පළාත) සම්මාන දිනාගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ බී.එම්. හෂිනි ප්‍රබෝධා (වයඹ පළාත) සම්මාන දිනාගත්තාය. ක්‍රීඩා උළෙලේ වාර්තා වූ එකම තරග වාර්තාව මිටිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ චරිත් කපුකොටුව විසින් වාර්තා කළ අතර, ඒ හැරෙන්න එකඳු ශ්‍රී ලංකා වාර්තාවක් හෝ තරග වාර්තාවක් බිහි නොවුණි.

කෙසේ නමුත් මාතර කොටවිල ක්‍රීඩාංගණයේ පැවැති ඉකුත් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා වාර්තා 02ක් හා තරග වාර්තාවක් අලුත් විය. මෙවර ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස විනෝජ් සුරංජය (මී. 100/ තත්. 10.73) හා වේගවත්ම ක්‍රීඩිකාව ලෙස රුමේෂිකා රත්නායක (මී. 100/ තත්. 11.94) සම්මාන දිනාගත්හ.

මෙවර සමස්ත අනුශූරතාව මධ්‍ය පළාත දිනාගත් අතර, පසුගිය වසරේද අනුශූරතාව ඔවුන් විසින්ම දිනාගනු ලැබීය. කෙසේ නමුත් මෙවර තෙවැනි ස්ථානය දකුණු පළාතට හිමිවූ අතර, සිවුවැනි ස්ථානය සබරගමුව පළාත හා පස්වැනි ස්ථානය වයඹ පළාත විසින් දිනාගනු ලැබීය. වයඹ පළාත පසුගිය වසරේ මෙහි තෙවැනි ස්ථානය දිනාගත් පළාතයි. සබරගමුවට පසුගිය වසරේද සිවුවැනි ස්ථානය හිමිවිය.

මෙහි මිටිය විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් චරිත් කපුකොටුව (වයඹ පළාත) අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන් ඔහුගේ ඉසව්ව අවලංගු කිරීමට කටයුතු කළේය. චරිත් මෙම තරගාවලියට ඉදිරිපත් වූයේ වයඹ පළාත් තරග සඳහා ඉදිරිපත් නොවී බවට දකුණ හා බස්නාහිර පළාත් ඉදිරිපත් කළ විරෝධතා ඔහුගේ පදක්කම අහිමි කිරීමට හේතුවිය.

කෙසේ නමුත් චරිත් මිටිය විසිකිරීම ඉසව්ව හා කවපෙත්ත විසිකිරීම ඉසව්ද නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගත් අතර, එම ඉසව්ව සඳහාද ඔහු නොසුදුසු බවට විරෝධතා එල්ල වුවත්, ඒ වනවිට විරෝධතා යොමුකිරීමට ලබාදී තිබූ කාලය ඉක්මවා ගොස් තිබූ හෙයින් එම පදක්කම් ඔහුට හිමිවිය.

ත්‍යග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම ඇතුළු පිරිසක් සහභාගි වූහ.

පොළොන්නරුවේදී ජාතික මහා ක්‍රීඩා උළෙලක් සංවිධානය වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට 2009 වසරේදී ජාතික මහා ක්‍රීඩා උළෙලක් මෙහි පවත්වා තිබේ. මෙවර සමාප්ති ක්‍රීඩා උළෙල සඳහා දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩාකාවෝ 1500කට අධික පිරිසක් හා ක්‍රීඩා නිලධාරීහු 400කට වැඩි පිරිසක් සහභාගි වූහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.