Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් කෙරෙහි මහත් අභිමානයෙන් කතා කළත් ඔවුන්ගේ ඉතිහාසය නම් එතරම් පිරිසුදු නැත. එරට වෙසෙන ස්වදේශික ජනයාට (කළු ජාතික) ඔවුන් කළ කෙනෙහිලිකම් හේතුවෙන් සියවසකට එපිට අතීතයක් තිබූ එරට ක්‍රිකට් ක්‍රීඩාවට, 1970 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පවා පැනවීය.

ඒ හේතුවෙන් ලෝක කුසලාන තරගාවලි සංකල්පය ඇරඹූ 1975 වසරේ පළමු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාකිරීමට පවා ඔවුන්ට ඇරයුම් නොලැබිණි. කෙසේ නමුත් ඔවුන්ගේ එම දරදඬු ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමග විසිඑක් වසරක් පනවා තිබූ තහනම 1991 වසරේදී ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.

අද වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ වෙනදා නොදකින බොහෝ දක්‍ෂ ස්වදේශික ක්‍රීඩකයන් කිහිපදෙනෙකු එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර, ඔවුහු අවස්ථා කිහිපයකදී, කණ්ඩායමට ජය මාවත විවරකර දීමට කටයුතු කළහ.

දකුණු අප්‍රිකානු අභිමානය යළිත් වරක් ඉහළින් එසවූ එවැනි සිදුවීමක් ඊයේ (07දා) පර්ත්හිදී අවසන් වූ, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී දැකගත හැකිවිය. දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කාරයෙකු වීමට වේගපන්දු ක්‍රීඩක කාගිසෝ රාබඩා සමත්වූ අතර, ඔහු තීරණාත්මක දෙවැනි ඉනිමේදී කණ්ඩායමට අත්‍යවශ්‍ය කඩුලු 05ක් දවාගැනීමට සමත්විය.

එහි පස්වැනි කඩුල්ල දවාගැනීමෙන් පසුව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිගෙන් ලැබුණේ උණුසුම් එහෙත් බොහෝම ළෙන්ගතු පිළිගැනීමක්. දකුණු අප්‍රිකානුවන් සතුව තවදුරටත් වර්ණභේදය හෝ වෙනත් කිසිදු භේදයක් නොමැති බව ලොවට පෙන්වීමට මීටත් වඩා නිදර්ශන අවශ්‍ය නොවනු ඇත.

සංජීව ධර්මසේන

1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.