තිසර ලෝක කණ්ඩායමට ක්‍රීඩා කරයි
- 2018-04-20 22:24:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන විස්සයි20 ක්‍රිකට් තරගයකට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා එක්වීමට තීරණය කර ඇත.
ලෝඩ්ස් ක්‍රිකට් පිටියේදී එළැඹෙන මැයි මස 31 දා පැවැත්වීමට නියමිත තරගයේදී තිසර ලෝක ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ඇත.
පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට බලපෑ හරිකේන්ස් සුළි කුණාටුවෙන් විනාශ වූ ක්‍රිකට් පිටි සංවර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීමට මෙම තරගය පැවැත්වෙයි.
තිසරට අමතරව සහීඩ් අෆ්රිඩී හා සොයිබ් මලික්ද ලෝක කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායමට එංගලන්තයේ ඉයන් මෝගන් නායකත්වය දැරීමට නියමිතය.
කොදෙව් කණ්ඩායමේ නායකත්වය කාලොස් බ්‍රැත්වෙයිට් හිමිව ඇති අතර, ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල්, සැමුවෙන් බද්‍රී හා ඇන්ඩ්‍රෙ රසල් බ.ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments