Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය. 2007 වසරේ සිට අඛණ්ඩව තෙවරක් ශූරතාව රැකගෙන සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එය තවදුරටත් රැක ගැනීමට ඉඩ නොදී තමන් සන්තක කර ගැනීමට නවසීලන්තය සමත්වූයේ එක් ලකුණක තියුණු ජයක් ලබමිනි.

අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 52-51ක් වශයෙනි. කාර්තු හතරේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 10-10, 18-15, 13-12ක් සහ 11-14ක් වශයෙනි. ඒ අනුව නවසීලන්තය ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක ශූරතාව පස් වැනි වරටත් (1967, 1979, 1987, 2003) දිනාගැනීමට සමත්විය. මෙම තරගය එංගලන්තයේ ලිවර්පූල් නුවර එම්. ඇන්ඩ් එස්. බෑන්ක් එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (21දා) නිමාවට පත්විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය සත්කාරක එංගලන්ත කණ්ඩායම හිමි කරගත්තේ ප්‍රභල දකුණු අප්‍රිකානුවන් 58-42 ක් ලෙස පරාජයට පත් කරමිනි. කාර්තු හතරම ජයගත් එංගලන්තය එම කාර්තු හතර නිමා කළේ 14-12, 15-10, 17-10ක් සහ 12-10ක් වශයෙනි.

තරගාවලියේ 15 වැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූයේ තරගාවලියේ කිසිදු තරගයක් ජයගැනීමට අපොහොසත්වූ සිංගප්පූරුව දෙවරක්ම පරාජයට පත් කරමිනි.

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දක්ෂතම විදින්නිය බවට ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම් පත්වූයේ ගෝල 348ක් වාර්තා කරමිනි. එමෙන්ම ඇය මේවනවිට ජාත්‍යන්තර තරග 100 ක් (තරග 101) ක්‍රීඩා කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය.

මීට අමතරව මෙවර තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය, නෞචලී රාජපක්ෂ, ගයාංජලී අමරවංශ සහ දුලාංගි වන්නිතිලක පළමු ස්ථාන 10 අතර සිටීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව 'ඒ' කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ අතර, දෙවැනි වටයේදී සිංගප්පූරුව පරාජයට පත් කරමින් ශ්‍රේණිගත කිරීම් තරගවලට පැමිණියේය.

තරගාවලියේ සමාප්ති උත්සවය විචිත්‍රවත් නර්තන සහ ගායන අංග කිහිපයකින් අලංකාර කර තිබූ අතර 2023 වසරේ සත්කාරකත්වය සංකේතාත්මකව දකුණු අප්‍රිකාවට පිරිනැමීමද මෙහිදී සිදුවිය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.