Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේදී මේ මස 9දා සිට 22දා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට තීරණය කොට තිබේ.

මේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17ක් හා නිලධාරීන් තිදෙනෙකු අයත් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 1.1ක (රුපියල් ලක්ෂ එකොළහක්) වැයකර ඇත.

 එක් කණ්ඩායමකට ඕවර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 06දා ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය දරයි. 

ශ්‍රී ලංකාව, හිටපු සූරයන් වන ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය නේපාලය හා ඕස්ට්‍රේලියාව සහභාගි වන මේ තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.