දෙවැනි එක්දින තරගයේ ජය ලංකාවට
- 2019-05-22 10:48:20
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 35කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ඒක්දින තරගය ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායමට තරග දෙකකින් සමන්විත වූ ඒක්දින තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය.
කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8 ලකුණු 322ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න (77) හා අවිශ්ක ප්‍රනාන්දු (74) පළමු කඩුල්ලට සාර්ථක ලකුණු 123ක සබඳතාවක් පැවැත්වීමට සමත්වූහ.
අසිත දැවි යාමෙන් පසුව දිමුත් සමග ඒක්වූ කුසල් මෙන්ඩිස් (66) ලකුණු 81ක සබඳතාවක් පැවැත්වීමට සමත්විය. ඉන් අනතුරුව පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් තිසර පෙරේරා සිවුවැනි ක්‍රීඩකයා ලෙස පන්දුවට පහරදීමට පැමිණියත් ඔහු ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය. පසුව පිටියට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ටද රැස්කළ හැකිවූයේ ඒක් ලකුණක් පමණි.
කෙසේ වෙතත් කුසල් හා ළහිරු තිරිමාන්න (44*) නැවතත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගන්න්නට විය. තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 34කදී ලකුණු 235ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වෙතත් ඔවුන්ට පන්දුවාර 33.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 199ක් පමණි. ණුවන් ප්‍රදීප් පන්දුවාර 7කදී ලකුණු 34ට කඩුලු 4ක් දවාගනිමින තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි.
	
Reply To:
Name - Reply Comment
0 Comments