ධනුෂ්ක ගුණතිලකට ICC අවවාද
- 2018-01-29 13:51:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් තරවටු කර තිබේ.
ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාවයි.
පෙරේදා (27දා) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ධනුෂ්ක ආවේගශීලීව හැසිරී ඇත ඔහු වරද පිළිගෙන ඇත.
මේ අතර බංග්ලාදේශ නායක මශ්රෆී මොටාසා අවස්ථා දෙකකදී මේ අයුරින් හැසිරීම හේතුවෙන් ඔහුගේ තරග ගාස්තුවේන 20%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.
මීට අමතරව ඔවුන් දෙදෙනාගේ විනය ලකුණුවලට සෘණාත්මක ලකුණු දෙකක්ද එක්ව ඇත. ධනුෂ්කගේ පළමු වරද හේතුවෙන් ඔහුට දඬයක් පනවා නොමැත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments