නවසීලන්තයෙන් ලෝක වාර්තාවක්
- 2016-10-23 10:23:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ටෙස්ට් රග්බි පිටියේ අඛණ්ඩව තරග 18ක් ජයගත් ලෝකයේ පළමු රට බවට නවසීලන්තය ඊයේ (22දා) පත්විය. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ඊයේ පැවැති ටෙස්ට් රග්බි තරගයකින් ලකුණු 37-10ක් ලෙස ජයක් ලබමිනි.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැතියේය. පළමු අර්ධය ලකුණු 15-7ක් ලෙස ඉදිරියෙන් සිටීමට සත්කාරක නවසීලන්තය සමත්විය. දෙවැනි අර්ධයේදී නවසීලන්තය සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 22ක් එකතු කර ගනිද්දී ඔස්ට්‍රේලියාවට රැස්කළ හැකිවූයේ ලකුණු 3ක් පමණි.
එසේම ඔස්ට්‍රේලියා කණ්ඩායමට 1986 වසරේදී පටන් මේ දක්වා ඊඩ්න් පාක් පිටියේදී නවසීලන්ත රග්බි කණ්ඩායමක් පරාජයට පත්කිරීමට නොහැකි වී ඇත.
1965 සිට 1969 දක්වාද නවසීලන්තය ටෙස්ට් රග්බි තරග 17ක් අඛණ්ඩව ජයග්‍රහණය කර තිබුණි. 1990දී දකුණු අප්‍රිකාවද ටෙස්ට් රග්බි තරග 17ක් ජයගෙන තිබුණි. නවසීලන්තය නැවතවරක් 2014 වසරේදී ටෙස්ට් රග්බි තරග 17ක් ජයගත්තේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments