නවසීලන්තය කලින්ම තරගාවලිය දිනයි
- 2019-09-04 13:06:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදිම ජය ගැනීමට සංචාරක නවසිලන්ත කණ්ඩායම සමත්විය.
මහනුවර පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි තරගයේදි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161/9 රැස්කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 37ක් රැස්කළේය.
ලකුණු 162ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.4කදි කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් හා සී. බෘස් ලකුණු 53ක් රැස්කළේය.
තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments