නවසීලන්තය 3-0 කින් කොදෙව් පිල පරදවයි
- 2017-12-26 21:20:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 66 ක ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 23 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ඕවර 23 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේ්‍රන්ට් බෝල්ට් සහ මිචෙල් සෑන්ට්නර් කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවී ගිය අතර නායක ජේසන් හෝල්ඩර් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. කොදෙව් ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නිකිතා මිලර් පන්දු 41 කදී නොදැවී ලකුණු 20 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 23 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ වන විට රොස් ටේලර් නොදැවී ලකුණු 47 ක්ද, හෙන්රි නිකලස් නොදැවී ලකුණු 18 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. පන්දු 54 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 6 ක්ද, පන්දු 9 කදී වාර්තා වූ නිකලස්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.
මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ටොම් ලේතම් හතරේ පහර 5 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින්ද, ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ හතරේ පහර 3 ක් සමග ලකුණු 21 රැස්කරමින්ද සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
නවසීලන්ත පිල - ඕවර 23 කදී කඩුලු 4 කට 131
(කොලින් මුන්රෝ 21, රොස් ටේලර් නොදැවී 47, ටොම් ලේතම් 37, හෙන්රි නිකලස් 18, ෂෙල්ඩන් කොටේරල් 19/2)
බ.ඉ. කොදෙව් පිල - ඕවර 23 කදී කඩුලු 9 කට 99
(ජේසන් හෝල්ඩර් 34, නිකිතා මිලර් නොදැවී 20, මිචෙල් සෑන්ට්නර් 15/3, ටේරන්න් බෝල්ට් 18/3, මැට් හෙන්රි 18/2)
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments