නවසීලන්තය 57-0 කින් දකුණු අප්‍රිකාව පරදවයි
- 2017-09-27 14:50:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී පැවැති රග්බි ශූරතා තරගයකදී දකුණු අප්‍රිකානුවන් 57-0 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ මේ වසරේදී තමන්ගේ විශිෂ්ටතම දස්කම පෙන්වීමට සමත් වූහ. උත්සාහක දිනුම් 8 කින් සමන්විත වූ මෙම ජයග්‍රහණය පසුගිය වසරේ ඩර්බන් නුවරදී ලබාගත් 57-15 ක ජය අභිබවා යාමක් විය.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මේ දක්වා රග්බි ටෙස්ට් තරග 94 කට සහභාගි වී ඇති අතර දකුණු අප්‍රිකානුවන්ට ලකුණු ලබාගැනීමට අවසර නොදුන් පස්වැනි වතාව මෙයයි. තරගයේ පළමු අර්ධය නිමා වන විට නවසීලන්ත ක්‍රීඩකයෝ 31-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.
රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පවතින්නේ දැඩි එදිරිවාදීකමකි. එය ක්‍රීඩා පිටියේ සීමාවන් ඉක්මවා යන අවස්ථාද විරළ නොවේ.
මෙම ජයත් සමගින් රග්බි ශුරතාවලියේ තරග වට 4 ක් අවසානයේදී නවසීලන්ත පිල සිය අපරාජිත වාර්තාව රැකගත්තේය. මේ වන විට නවසීලන්ත ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ට වඩා ප්‍රසාද ලකුණු 8 ක් ඉදිරියෙන් සිටිති. ආර්ජන්ටිනාවට සහ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments