නව නායකයා හා හිටපු නායකයා ශතක රැස්කරති
- 2017-12-04 15:02:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්විය. මේ අතර සිය ටෙස්ට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
ඒ ඉන්දීය කණ්ඩායම සමග ෆෙරොෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීය. පන්දු 265කදී වාර්තා වූ චන්මාල්ගේ ශතකයට හතරේ පහර 13ක් ඇතුළත් විය.
2015 වසරේ අගෝස්තු මසයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී මැතිව්ස් ශතකයක් රැස්කිරීමට සමත්වීමෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකය මෙය වෙයි.
පන්දු 231කින් වාර්තා වූ මැතිව්ස්ගේ ශතකයට හතරේ පහර 12ක් හා හයේ පහර දෙකක් ඇතුළත් වෙයි.එසේම ඉනිම 37කට පසුව මැතිව්ස්ගෙන් මෙම ශතකය පැමිණියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments