නැගී එන කණ්ඩායමට දකුණු අප්රිකාවේදී තරගාවලි ජයක්
- 2019-07-16 11:45:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තුන්කොන් සටනේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් නැගී එන කණ්ඩායම අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකානු සරසවි කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.
දිවා තරගයක් ලෙසින් ප්‍රිටෝරියාහිදී පැවැති තරගයේ කාසියේ වාසි දිනූ චරිත් අසලංකගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සරසවි කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 180 ක් ලබා ගත්තේය.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පිතිකරුවෝ අදාළ ඉලක්කය පන්දුවාර 37.4 ක් තුළදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 2 ක් පමණක් වැය කරමිනි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් සාර්ථක වූ පැතුම් නිස්සංක පන්දු 108 කදී ලකුණු 84 ක් රැස්කළේය. ලබා සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වන තෙක්ම තම අන්තය ආරක්ෂා කරගත්තේය. කමිඳු මෙන්ඩිස් පන්දු 77 කට මුහුණ දෙමින් ලකුණු 40 ක් ලබාගත්තේය.
මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා නැගී එන පිල නිල නොවන සිව් දින ටෙස්ට් තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එහි පළමු තරගය ලබන 18 වැනිදා පොචෙස්ටෲම්හිදී ද දෙවැන්න ලබන 25 වැනිදා ප්‍රෙටෝරියාහිදීද පැවැත්වීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments