Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ පන්දු රැකීම දුර්වල බවත් ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ පරාජය මෙන්ම එහි අතපසුවීම් අමතක කරමින් එක්දින තරගාවලියට පිවිසිය යුතු බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක උපුල් තරංග පවසයි.

අද (20දා) ආරම්භවීමට නියමිත පළමු එක්දින තරගය වෙනුවෙන් ඊයේ (19දා) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

 “ සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වීම අවාසනාවකට කරුණක්. කෙසේ වෙතත් අපි ඉන්දියාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පරාජයට පත්කළා. එය මතකයේ තබාගෙන ක්‍රීඩා කිරීම වැදගත්. අපිට හොඳින් දක්ෂතා දක්වන්න පුළුවන්. නමුත් අපේ අඛණ්ඩතාවයේ ගැටලුවක් තිබෙනවා. ඒක තමයි අපිට තිබෙන ප්‍රධාන ගැටලුව.”

“ අපිට ටෙස්ට් තරගාවලිය හා එහිදී කළ අතපසුවීම් අමතක කරන්න වෙනවා.අපි දැන් අලුත් තරග රටාවකට යොමු වෙන්නේ. ඒ සඳහා හොඳින් අවධානය යොමුකළ යුතුයි. අපිට එය කළ හැකිවුණොත් එය තමයි වැදගත්ම දේ”

 “ ටෙස්ට් තරගාවලියේදී අපේ උපරිම ශක්තියෙන් ක්‍රීඩා කළේ නෑ. අපි පසුගිය අවුරුදු 10 තුළදී එක්දින පිටියේ හොඳින් දක්ෂතා දක්වා තිබෙනවා. නමුත් අවසන් මාස 18-20 කාලය තුළ අපගේ විශ්වාසය අඩුවෙලා තිබෙන්නෙ. ඒක තමයි ප්‍රධානම දේ”

“ අපේ පන්දු රැකීමත් දුර්වලයි. අපි උඩපන්දු අත්හරිනවා. ඔබ පසුගිය තරගාවලිය බලන්න. අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපේ පන්දු රැකීම හොදින් තිබුණේ නෑ.”

 “අපි වෙනසකින් තොරව කටයුතු කරන්න උත්සාහ කළත් තිබෙන ගැටලුව වන්නේ පසුගිය වසර 2 තුළදී අපි ආබාධවලට ලක්වීමයි. අපි මෙය අවසන් කර ගැනීමට ශාරීරිග යෝග්‍යතාව ගැන අවධානය යොමුකර තිබෙන්නේ.”

නිරෝෂා ප්‍රියදර්ශනී

CRICKET-PAK-SRI

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.