පළමු එක් දින ජය පකිස්ථානයට
- 2018-03-20 17:41:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක පකිස්තාන කාන්ත ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර දඹුල්ල පැවැති පළමු එක්දින තතරගයේ ලකණු 69ක ජයලක් ලැබීමට පකිස්තාන කණ්ඩායම සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු හයකට ලකුණු 250 රැස් කළේය. විශිෂ්ට පිතිහරඹයක නියැලි ජවේරා ඛාන් නොදැවී ලකුණු 113ක් රැස් කළාය. ඇයගේ ඉනිමට හතරේ පහර 15ක් ද ඇතුළත් විය. ඇයගේ දෙවැනි එක්දින ශතකය ද මෙයයි. පන්දු යැවීමෙන් ශෂිකලා සිරිවර්ධන හා චමරි අතපත්තු කඩුලු දෙක බැගින් දවා ගත්හ.
ලකුණ 251 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩාමයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 181 පමණි. චමරි අතපත්තු 46 හා ශීෂකලා සිරිවර්ධන 44 වශයෙන් ලකුණු ලබා ගත්හ. නටලායා පෙරවයිස් කඩුළු දෙකක් ද බිශ්මා මහරුෆ් කඩුලු තුනක්ද බැගින් ලබා ගත්හ.
පෙර පුවත්
ශ්‍රී ලංකාවට 250 ඉලක්කයක්
වැඩි විස්තර සඳහා කෙළිමඩලට පිවිසෙන්න
තරග කාල සටහන
| මාර්තු 20 | පළමු එක්දින තරගය | රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| මාර්තු 22 | දෙවැනි එක්දින තරගය | රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| මාර්තු 24 | තෙවැනි එක්දින තරගය | රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය |
| මාර්තු 28 | පළමු පන්දුවාර 20-20 තරගය | කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය |
| මාර්තු 30 | දෙවැනි පන්දුවාර 20-20 තරගය | කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය |
| මාර්තු 31 | තෙවැනි පන්දුවාර 20-20 තරගය | කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය |
Reply To:
Name - Reply Comment
0 Comments