පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි
- 2018-02-04 15:34:47
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැති පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.
පස්වැනි දිනයට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 307ක් රැස්කරගෙන සිටියේය.
සිවුවැනි දිනයට ඊයේ (03දා) තරගය නිමා කරන විට බංග්ලාදේශය කඩුලු 03ක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව අද දිනයේදී බංග්ලාදේශයේ දැවී ගියේ කඩුලු දෙකක් පමණි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 513ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 713ක් රැස්කළේය.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා බංග්ලාදේශ පිතිකරු මොමිනුල් හක් සුවිශේෂී දායකත්වයක් දැක්වූ අතර ඔහු දෙවැනි ඉනමේදීත් ශතකයක් වාර්තා කළේය. ඒ අනුව ටෙස්ට් තරගයකදී ඉනිම දෙකකදී ශතක දෙකක් වාර්තා කළ පළමු පිතිකරුවා ලෙසින්ද මොමිනුල් වාර්තා අතරට එක්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
	[caption id="attachment_19143" align="alignleft" width="1400"]
Bangladesh's Mominul Haque, right, acknowledges the crowd after scoring hundred runs, as Sri Lanka's Dhananjaya de Silva congratulates during the fifth and final day of the first test cricket match in Chittagong, Bangladesh, Sunday, Feb. 4, 2018. (AP Photo/A.M. Ahad)[/caption]
Reply To:
Name - Reply Comment
0 Comments