පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
- 2018-12-19 11:01:31
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසලීන්ත කණ්ඩායම අතර වෙලිංටන් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
අද දිනයේදී තරගය පන්දුවාර 13කට සීමා විය. තෙවැනි දිනය නිමාකරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13/3ක් ලෙස අසීරු තත්ත්වයක සිටි අතර එතැන් සිට ඊයේ දිනයත් අද දිනයේ පන්දුවාර 13ත් නොදැවී පිටියේ රැඳී සිටිමින් පරාජය වීමට ගිය ශ්‍රී ලංකාව එයින් වළක්වා ගැනීමට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් සමත්වූහ.
අද දිනයේදී තරගය නිමාකරන විට ඔවුන් දෙදෙනා පන්දුවා 108.4කට මුහුණ දෙමින් ලකුණු 274ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වීමට සමත්විය. කුසල් 141* (පන්දු 335), මැතිව්ස් 120* (පන්දු 323) ලෙස ලකුණු රැස්කරගෙන සටියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 282ක් රැස්කළ අතර නවසලීන්ත කණ්ඩායම එයට පිළිතුරු ලෙස ලකුණු 578ක් රැස් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 296ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. තරගයේ වීරයා ලෙස නොදැවී ද්විත්ව ශතකයක් රැස්කළ ටොම් ලේතම් සම්මාන ලැබීය.
	
Reply To:
Name - Reply Comment
0 Comments