පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
- 2019-08-18 12:55:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්විය. නවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගය මෙය විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 268ක ඉලක්කය පන්දුවාර 86.1 කදි කඩුලු 4ක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 122ක් රැස්කළේය. ළහිරු තිරිමාන්න ලකුණු 64ක් රැස්කළේය.
නවසීලන්තය පළමු ඉනිම 249/10
ශ්‍රී ලංකාව පළමු ඉනිම 267/10
නවසීලන්තය දෙවැනි ඉනිම 285 /10
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 268/4 (ඉලක්කය 268)
Reply To:
Name - Reply Comment
0 Comments