පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හසිනි දිනාදෙයි
- 2018-10-16 15:44:01
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවැනි තරුණ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු තරුණ ඔලිම්පික් රන් පදක්කම හිමකර දීමට හසිනි අම්බලන්ගොඩගේ සමත්වී සිටින්නීය. එම තරගාවලියේ ජාත්‍යන්තර මිශ්‍ර රිලේ බැඩ්මින්ටන් ඉසව්වෙන් ඇය නියෝජනය කළ කණ්ඩායම අදා ඉසව්ව ජය ගැනීමට සමත්විය. ඇයගේ කණ්ඩායමට ඇමෙරිකාව, බල්ගේරියාව, කැනඩාව, ඉතාලිය, ඉන්දියාව, කාම්බෝජය හා ස්වීඩන යන රටවල්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා කර තිබේ.
ඇය නියෝජනය කළ කණ්ඩායමට ක්‍රීඩකයන් 4ක් හා ක්‍රීඩිකාවක් 4ක් ඇතුළත් වී තිබේ.ඔවුන් තරග 10ක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 110ක් වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කර ඇත. හසිනි කොළඹ විශාඛා විදුහලේ සිසුවියෙකි.
Reply To:
Name - Reply Comment
0 Comments