Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ වයඹ, උතුරු මැද හා නැගෙනහිර පළාත් තරග එම පළාත් තුළදී පසුගියදා නිමාවට පත්විය. සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඩ්ස් නිෂ්පාදනය කරනු ලබන 'සමපෝෂ' අනුග්‍රහයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10,000කට අධික පිරිසක් මෙවර තරගාවලිය සඳහා සහභාගි වූහ. සති තුනක් පුරා දියත් කෙරුණු මෙම තරගාවලියේදී එක් එක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් වෙන වෙනම තරගාවලි සංවිධානය කිරීමට කටයුතු කළේය.

ඒ අනුව වයඹ පළාත් තරග වෙන්නප්පුව ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර, ඒ සඳහා පළාතේ පාසල් 480ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3,500කට අධික පිරිසක් තරග වැදුණහ.

මෙහිදී වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමස්ත බාලිකා ශූරතාව දිනාගත් අතර, වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට සමස්ත බාලක ශූරතාව හිමිවිය.

උතුරු මැද පළාත් තරගාවලිය ගල්නෑව මහවැලි පිටියේදී පැවැත්වුණු අතර, පාසල් 470ක් අතරින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2,500කට අධික පිරිසක් සිය ක්‍රීඩා කුසලතා පෙන්නුම් කළහ. පොළොන්නරුව රාජකීය විද්‍යාලය බාලිකා ශූරතාව හිමිකර ගත් අතර, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එහි බාලක ශූරතාව හිමිවිය.

මීට අමතරව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමස්ත ශූරතාවක්ද පිරිනැමූ අතර, එම ශූරතාව පොළොන්නරුව රාජකීය විද්‍යාලයට හිමිවිය.

කන්තලේ ලීලාරත්න පිටියේ පැවති නැගෙනහිර පළාත් තරග අධ්‍යාපන කලාප අතර පැවැත්වීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණි. ඒ සඳහා පාසල් 485ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහි බාලක සහ බාලිකා සමස්ත ශූරතා දෙකම අම්පාර දිස්ත්‍රික්කයට හිමිවිය. එහි අම්පාර අධ්‍යාපන කලාපය බාලිකා ශූරතාව දිනාගත් අතර, පද්දිරුප්පු අධ්‍යාපන කලාපය බාලක ශූරතාව දිනා ගත්තේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.