Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දින 05ක් පුරා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පෙරේදා (03) පස්වරුවේදී නිමාවට පත් වූයේ පාසල් මලල ක්‍රීඩා අංශයෙන් ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා ගණන වූ වාර්තා 49ක් බිහි කරමිණි.

ඒ බාලක තරඟ වලින් නව වාර්තා 27ක් සහ බාලිකා තරඟ වලින් නව වාර්තා 22 ක් වශයෙනි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පසුගිය 30 වන දා ආරම්භ වූ අතර 35 වැනි වරටත් පවත්වන මෙවර තරඟාවලිය සඳහා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

මෙවර තරගාවලියේ දී සියලුම ක්‍රීඩාවලින් අති විශිෂ්ට පාසල ලෙස ලකුණු 127.5ක් ලබා ගනිමින් රාජකීය විදුහල සම්මාන ලැබූහ.දෙවැනි ස්ථානය දිනා ගැනීමට ලකුණු 80ක් ලබා ගනිමින් ශාන්ත පීතර විදුහල සමත් වූහ. තෙවැනි ස්ථානයට පත්වූයේ කොළඹ විශාඛා විදුහලයි. ඒ ලකුණු 60ක් ලබා ගනිමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අතින් ඔවුන්ට ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට අධ්‍යපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්.යූ ප්‍රේමතිලක, ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු රැසක් සහ විදුහල්පතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා

දක්ෂතම මලල ක්‍රීඩකයා - යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර ලුණුවිල වෑකඩ මහා විදුහල (දක්ෂතාව- 18න් පහළ මීටර් 400 තත්පර 47. 53)
දක්ෂතම මලල ක්‍රීඩිකාව - ෂෙලින්දා ජෙන්සන් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල (දක්ෂතාව 20න් පහළ මීටර් 400 තත්පර 47. 53)
පළාත් ශූරතා - 1. බස්නාහිර පළාත (ලකුණු 1280) 2. මධ්‍යම පළාත (ලකුණු 501) 3. වයඹ පළාත (ලකුණු 437) 4. දකුණු පළාත (ලකුණු 327) 4. සබරගමුව පළාත (ලකුණු 278) 6. උතුරු පළාත (ලකුණු156) 6. උතුරු මැද පළාත (ලකුණු 107) 7. ඌව පළාත (ලකුණු 98) 7. නැගෙනහිර පලාත (ලකුණු 78)

සමස්ත බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 235) 2. රත්නපුර සුමනා බාලිකා විදුහල (ලකුණු 89) 3. ගේට්වේ ජාත්‍යන්තර පාසල ( ලකුණු 74)

සමස්ත බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 133) 2. හලාවත සාන්ත මරියා විදුහල (ලකුණු73) 3. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 72)

කනිෂ්ඨ බාලක ශූරතාව - 1. විජයපුර කනිස්ඨ විදුහල (ලකුණු 33) 2. මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, සාන්ත ඇන්ඩෘ විදුහල (ලකුණු 23)

කනිෂ්ඨ බාලික ශූරතාව - 1. මියුසියස් විදුහල (ලකුණු 26) 2. නුගේගොඩ ලයිසියම් විදුහල (ලකුණු 20) 3.ගාල්ල විද්‍යාලෝක විදුහල (ලකුණු 19)
ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 133) 2. සාන්ත මරියා විදුහල (ලකුණු 73) 3.වලල ඒ රත්නායක විදුහල (ලකුණු 72)
ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 235) 2. රත්නපුර සුමන බාලිකා විදුහල(ලකුණු 89) 3. ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 74)

12න් පහළ බාලක ශූරතාව - 1. නුගේගොඩ ලයිසියම් විදුහල (ලකුණු 20) 2. ත්‍රිකුණාමලය සිංහල විදුහල (ලකුණු 15) 3. මිනුවන්ගොඩ මාරපොල මහා විදුහල (ලකුණු 10) , ගල්කිස්ස විද්‍යා විදුහල(ලකුණු10) , තිරප්පනේ මහනාම විදුහල (ලකුණු 10) , තණමල්විල බෝධාගමබ මහා විදුහල(ලකුණු 10)

12න් පහළ බාලිකා ශූරතාව - 1. තණමල්විල විජයපුර විදුහල (ලකුණු 33) 2. මොරටුව ජයලත් අප ස්වාමීදුවගේ කන්‍යාරාමය (ලකුණු 23) 3. මහනුවර උසස් බාලිකා විදුහල (ලකුණු 21)

14න් පහළ බාලක ශූරතාව - 1. කොළඹ ආනන්ද විදුහල (ලකුණු 25) 2. ගාල්ල විද්‍යාලෝක විදුහල (ලකුණු19) 3. මාවනැල්ල සහිරා මුස්ලිම් මහා විදුහල විදුහල (ලකුණු 17)

14න් පහළ බාලිකා ශූරතාව - 1. නාවලපිටිය සාන්ත ඇන්ඩෘ විදුහල (ලකුණු 23) 2. හාලිඇල ඌව විද්‍යා විදුහල (ලකුණු 17), කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහල (ලකුණු 17)

16න් පහළ බාලක ශූරතාව - 1.කුරුණෑගල සාන්ත ජෝන් කොතලාවල විදුහල (ලකුණු 48) 2. සාන්ත පීතර් විදුහල (ලකුණු 28) 3. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 27)

16න් පහළ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 72) 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 33) 3. මහව විජයබා ජාතික පාසල (ලකුණු 17)

18න් පහළ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 72) 2. හලාවත සාන්ත මරියා විදුහල (ලකුණු 41) 3. පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 24)

18න් පහළ බාලිකා ශූරතාව - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 69) 2. රත්නපුර සුමන බාලිකා විදුහල(ලකුණු 53) 3. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල (ලකුණු 30)

20න් පහළ බාලක ශූරතාව - 1. කොළඹ සාන්ත පීතර් විදුහල (ලකුණු 33) 2. මාකදුර මාකදුර මහා විදුහල (ලකුණු 32) 3. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 29)

20න් පහළ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 94) 2. රාජගිරිය ගේට්වේ විදුහල (ලකුණු 44) 3 . අඹගමුව මහා විදුහල (ලකුණු 25)

කඩුලු මතින් දිවීමේ දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - නවෝද්‍ය සංකල්ප මහින්ද විදුහල ගාල්ල
(20න් පහළ මී. 400 කඩුලු මතින් දිවීම තත් 52. 50)

පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - ටී. ජී. එම්. සදනුවන් රාජාංගනය යාය 5 මහාවිදුහල ( 20න් පහළ තුන් පිම්ම මීටර් 15. 32)

විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - රුමේෂ් තරංග සාන්ත පීතර විදුහල (18න් පහළ හෙල්ල විසි කිරීම මීටර් 66.63)

ධාවන තරග දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව - යූ. බී. එම්. ආර්. ඩී. බණ්ඩාර ලුණුවිල වෑකඩ මහා විදුහල ( 18න් පහළ මීටර් 400 තත්පර 47. 53)

සමස්ත ලංකා පාසල් මිශ්‍ර ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු307) 2. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල ( ලකුණු 89) 3. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විදුහල(ලකුණු 56)

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ බාලක ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) – සාන්ත පීතර් විදුහල (ලකුණු 40) 2. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 20) 3. සාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 18)

සමස්ත ලංකා පාසල් සහය දිවීමේ බාලිකා ශූරතාව (16න්, 18න් හා 20න් පහළ) – 1.වලල ඒ රත්නායකවිදුහල (ලකුණු 20) 2. රත්න පුර සුමනා බාලිකා විදුහල (ලකුණු 19) 3. ගම්පහ සිරිකුරුස විදුහල (ලකුණු12)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.