Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පා ආබාධ සහිත කාන්තාවන් සහභාගී වන බිම හිඳ ක්‍රීඩා කරන වොලිබෝල් ( Sitting Volleyball ) ජාතික  කණ්ඩායමක් පිහිටුවීම සඳහා ශ්‍රීලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ජාතික බිම හිඳ ක්‍රීඩා කරන කාන්තා වොලිබෝල් සංගමය ( National Sitting Volleyball Association ) අනුරාධපුරයේදී නේවාසික ක්‍රීඩා වැඩමුළුවක් පැවැත්වීමට සූදානම් කර ඇත.

වෛද්‍ය වර්ගීකරණයට අනුව 42-44 කාණ්ඩයේ එක් පාදයක් හේ පාද දෙකම ආබාධ සහිත තරුණ කාන්තාවන් බඳවා ගනු ලබන අතර ඔවුන් සඳහා මෙම බහුදින නේවාසික ක්‍රීඩා වැඩමුළුව පැවැත්වේ.

ජාත්‍යන්තර තරඟ සංචාර රැසකට දොරටු විවර වන මෙම ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට කැමති පෙර කී ආබාධිත තත්වයේ සිටින තරුණ කාන්තාවන් වහාම මෙම සංගමයේ සභාපතිනිය වන ජාතික පැරාලිම්පික් කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරීනි නාලිනි රණසිංහ මෙනවිය 0702522127 – 0786975576 දුරකථන අංක ඔස්සේ අමතන ලෙස ඉල්ලා සිටියි.

මෙම වැඩමුළුවෙන් පසු ජාතික කණ්ඩායම සඳහා තෝරා ගන්නා ක්‍රීඩිකාවන් ලබන අගෝස්තු මස ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල ඉලක්ක කර පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.