පීතර හා ජෝශප් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
- 2019-04-02 13:18:46
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත. ඒ එම කාණ්ඩයන්හි පසුගිය සතිය දක්වාම ඉදිරියෙන් පසුවූ කොළඹ රාජකීය හා කොළඹ ඉසිපතන දෙවිදුහල් අබිබවමිනි. 1 ඒ හා 2 ඒ යනුවෙන් කොටස දෙකකින් යුක්තව මෙම තරගාවලිය පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම මේ වන විට තරග 05කට සහභාගි වී ඇත.
එහිදී බම්බලපිටිය ශා. පීතර විදුහල 1 ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගෙන ඇත්තේ තරග පහෙන් හතරක් ජයගනිමිනි. ඒ කොටසේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගත් කණ්ඩායමද වන ශා. පීතර සහභාගි වූ තරග 05දී ලකුණු 162 ක් ලබාගෙන ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු23ක් හිමිකර ගනිමිනි. එහි දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විදුහල විසින් දිනාගෙන ඇත්තේ තරග 04ක් ජයගෙන ප්‍රසාද ලකුණු 23ක්හිමිකර ගනිමිනි. තරග තුනක් ජයගත් ගල්කිස්ස ශා. තෝමස් විදුහල ප්‍රසාද ලකුණු 19ක් හිමිකර ගනිමින් මෙහි තෙවැනි ස්ථානයට පත්වී ඇත.
මෙම සටහනේ සිව්වැනි හා පස්වැනි ස්ථානයන්, තරග දෙක බැගින් ජයගත් බොරැල්ල වෙස්ලි (ප්‍ර.ල 14) හා මහනුවර කිංග්ස්වුඩ් (ප්‍ර.ල. 13) කණ්ඩායම්වලට පිළිවෙලින් හිමිවී ඇත. මේ දක්වා කිසිදු තරගයක් ජය නොගත් කුරුණෑගල මලියදේව විදුහල (ප්‍ර.ල. 0)මෙහි අවසන් ස්ථානයට පත්වී ඇත.
මේ අතර 2 ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටින මරදාන ශා. ජෝශප් විදුහල ප්‍රසාද ලකුණු 28ක් හිමිකරගෙන සිටින්නේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි. එහි දෙවැනි ස්ථානය තරග හතරක් ජයගත් කොළඹ ඉසිපතන විදුහලට හිමිවී ඇත. තරගාවලියේ මේ දක්වා ප්‍රතිවාදීන්ට අවම ලකුණු ප්‍රමාණයක් (ලකුණු 50) ලබාදුන් ඉසිපතන විදුහල එහිදී ප්‍රසාද ලකුණු 24ක් හිමිකරගෙන ඇත.
මෙහි තෙවැනි ස්ථානය ප්‍ර.ල. 17ක් හිමිකර ගත් මහනුවර ත්‍රිත්ව විදුහලට (තරග 3ක් ජය ගනිමින්) හිමිවීඇත. ප්‍ර.ල. 12ක් ලබාගත් ගල්කිස්ස විද්‍යා විදුහලත් (තරග 2 ක් ජයගනිමින් ), ප්‍ර.ල. 6ක් හිමිකර ගත් මහනුවර ශා. අන්තෝනි (එක් තරගයක් ජයගනිමින්)විදුහලත් පිළිවෙලින් මෙහි සිව්වැනි හා පස්වැනි ස්ථානයන්ට හිමිකම් කියයි.
මෙම සටහනේ අවසන් ස්ථානය කිසිදු තරගයක් ජයනොගත් (ප්‍ර.ල. 0) මරදාන සහිරා විදුහලට හිමිවී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments