පොදු රද මඩුලු දිනූ ක්රීඩකයන් අගයයි
- 2018-04-26 10:23:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාව සහභාගි වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර සමත්විය.
ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම සහයෝගය ලබාදෙන බවත්, ක්‍රීඩාව මගින් විනයෙන් හික්මීමෙන් යුත් යහපත් මිනිසෙකු නිර්මාණය කරන බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කෙළ්ය.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනාගත් ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් දිනාගත් ජේ.ඒ.සී. ලක්මාල් සහ බී.ඩී. හංසනී ගෝමස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ කාන්තා බොක්සිං පදක්කමක් සටහන් කළ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වූ අනුෂා කොඩිතුවක්කු, මෙන්ම ලෝකඩ පදක්කම් දිනාගත් තිවංක රණසිංහ හා ඉෂාන් සෙනෙවිරත්න බණ්ඩාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ සඳහා දායක වූ පුහුණුකරුවන් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදුකෙරිණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments