බංග්ලාදේශ හමුවේ දකුණු අප්‍රිකාව පසුබසියි
- 2019-06-03 11:20:57
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශකීබ් අල් හසන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වැනි තරගය ලෙස ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (02දා) පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 331ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 309ක් පමණි.
කණ්ඩායම ජයග්‍රාහී කඩයිම වෙත රැගෙන යෑමට ප්‍රබල උත්සාහයක් ගත් නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 62ක් රැස්කළ අතර, ඔහුට සහායක් වෙමින් රසී වැන් ඩර් ඩූසන් (41) හා ජේ.පී. ඩුමිනි (45) පිත්තෙන් දක්‍ෂතා දැක්වුවද ඔවුන්ගේ පරාජය වළකාලීමට නොහැකි විය.
බංග්ලාදේශය වෙනුවෙන් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ මුස්ටාෆිසුර් රහ්මාන් කඩුලු 03ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහු ඩේවිඩ් මිලර් (38), ඩුමිනි හා ක්‍රිස් මොරිස් (10) දවාලමින් දකුණු අප්‍රිකානුවන්ගේ පරාජය ස්ථිර කළේය.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය, පන්දුවාර 50 තුළදී කඩුලු 06ක් දැවී ලකුණු 330ක් රැස්කිරීමට සමත් විය.
තමීම් ඉක්බාල් සමගින් සූම්‍ය සර්කාර් බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පන්දුවාර 8.2කදී වේගවත් ලකුණු 60ක් ඉනිමට එක් කළහ.
තමීම් ඉක්බාල් (16) දැවී යෑමෙන් පසු පිතිකරණ උසස්වීමක් ලබමින් ශකීබ් අල් හසන් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසියද, ඔහුට සර්කාර් සමගින් ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 15ක සබඳතාවක් පමණි. මුළු ලකුණු 75ක් වනවිට සර්කාර්ද දැවී ගියේය.
කෙසේ නමුත් ඉනිමට ශක්තිමත් අත්තිවාරමක් ගොඩනැගූ ශකීබ් හා මුෂ්ෆිකර් රහීම් තෙවැනි කඩුල්ලට ලකුණු 142ක සබඳතාවක් පවත්වා මුළු ලකුණු සංඛ්‍යාව 217ක් දක්වා ඉදිරියට ඉනිම රැගෙන ආහ. ශකීබ් සිවුවැනි කඩුල්ල ලෙස ලකුණු 75ක් රැස්කරගෙන සිටියදී දැවී ගිය අතර, ලකුණු 78ක් රැස්කළ මුෂ්කර් දැවී යන විට බංග්ලාදේශය ලකුණු 250 සීමාවද පසුකර අවසන්ව තිබුණි.
අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් පිතිරහඹයක නිරත වූ මහමදුල්ලාහ් නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර, ඒ සඳහා ඔහු මුහුණ දුන්නේ පන්දු 33කට පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් යම් තරමකට හෝ පාලනයක් සහිතව පන්දු යැවූ අන්ඩිලේ පෙලුක්වායෝ කඩුලු 02ක් දවාළීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස ශකීබ් අල් හසන් සම්මාන දිනාගත්තේය.
දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය අතර පැවැත් වූ 21 වැනි එක්දින තරගයද මෙය වූ අතර, ඉන් බංග්ලාදේශය ජය ලැබූ 04 වැනි තරගය මෙයයි. තරග 17ක්ම බංග්ලාදේශය පරාජය වී සිටියි.
එමෙන්ම මෙම තරගයේදී ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මේ දක්වා සාර්ථකම බංග්ලාද්ශ නායකයා වීමට මෂ්රාෆි මොර්ටාසාට අවස්ථාව උදාවිය. ඔහු මේ වනවිට ලෝක කුසලාන තරග 06කට නායකත්වය ලබාදී ඉන් තරග 04ක්ම ජයගෙන සිටියි. මීට පෙර මෙම දක්‍ෂතා අතර සිටි ශකීබ්, තරග 07කට නායකත්වය ලබාදී ඉන් ජයගෙන තිබුණේ තරග 03ක් පමණි.
බංග්ලාදේශය 330/6 (පන්දුවාර 50)
මුෂ්ෆිකර් රහීම් 78 (80, 4x8), ශකීබ් අල් හසන් 75 (84, 4x8, 6x1), මහමදුල්ලාහ් නොදැවී 46 (33, 4x3, 6x1), සූම්‍ය සර්කාර් 42 (30, 4x9), මොසඩක් හුසේන් 26 (20, 4x4), ඇන්ඩිලේ ෆෙලුක්වායෝ 2/52 (10), ඉම්රාන් තහීර් 2/57 (10)
දකුණු අප්‍රිකාව 309/8 (පන්දුවාර 50)
ෆෆ් ඩු ප්ලෙසිස් 62 (53, 4x5, 6x1), ඒඩියන් මාක්‍රම් 45 (56, 4x4), ජේ.පී. ඩුමිනි 45 (37, 4x4), රසී වැන්ඩර් ඩූසන් 41 (38, 4x2, 6x1), මුස්ටාෆිසුර් රහ්මාන් 3/67 (10), මොහොමඩ් සයිෆුඩීන් 2/57 (08)
	
Reply To:
Name - Reply Comment
0 Comments