Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තියුණුම තරගය අවසන් වූයේ නවසීලන්තයට ලකුණු පහක ජයක් හිමිකර දෙමිනි. ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පෙරේදා (22දා) පැවැති තරගයේදී නවසීලන්තයෙන් එල්ල වූ ලකුණු 292ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට පන්දු වාර 49කදී සියලුම දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 286ක් පමණි.

එහිදී කොදෙව්වන් ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ආ කාලෝස් බ්‍රැත්වේට් සිය මංගල එක්දින ශතකය සම්පූර්ණ කරමින් පන්දු 82 කදී ලකුණු 101 ක් රැස් කළේය.

කෙසේ නමුත් තරගයේ තීරණාත්මක අවස්ථාවේදී අවසන් පන්දු 7කට ලකුණු 6ක් පමණක් ජයග්‍රහණයට අවශ්‍යව තිබිණ. එම අවස්ථාවේදී සිය උපරිම රිද්මයේ රැඳී සිටි බ්‍රැත්වේට් ජේම්ස් නිෂාම්ගේ පන්දුවක් ලෝන්ග් ඔන් කලාපය හරහා ගුවනට එල්ල කළේ එය පහසු හයේ පහරක් බවට ඉඟි පළ කරමිනි. නමුත් හයේ සීමාව ආසන්නයේම පන්දු රකිමින් සිටි නවසීලන්ත ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් සුරැකිව එය රැක ගත්තේ කොදෙව්වන්ගේ ජයග්‍රහණ බලාපොරොත්තු බිඳ දමමින් සිය කණ්ඩායමේ අපරාජිකත්වය තවදුරටත් පවත්වා ගනිමිනි.

කෙසේ වෙතත් 2016 පන්දු වාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී පිත්තෙන් අමතක නොවන ජයග්‍රහණයක් කරා කොදෙව්වන් රැගෙන ගිය ප්‍රවේගකාරී පිතිකරු බ්‍රැත්වේට්ට මෙය දරාගත නොහැකි වූවක් බව පෙනෙන්නට තිබිණ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.