Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකරුවෙක් වන බෘස් යාඩ්ලි ජීවිත ඉනිම නිමා කර තිබේ.

 මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසුවූ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 33කට සහ එක්දින තරග 07කට ක්‍රීඩා කර තිබේ. පිට දඟපන්දු යවන්නෙකු ලෙස ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තම සේවය වසර පහක් පුරාවට ලබාදුන් ඔහු 1983 වසරේදී ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 136ක් සහ එක්දින කඩුලු 07ක් දවාගෙන තිබුණි.

අනතුරුව යාඩ්ලි විස්තර විචාරකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ අතර 1997 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත්විය. මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන බවට ඔස්ට්‍රේලියානුවන් චෝදනා කරද්දී ඊට එරෙහිව නිර්භයව පෙනී සිටි ඔස්ට්‍රේලියානුවෙකු ලෙසද යාඩ්ලි හැඳින්විය හැකිය.

යාඩ්ලිගේ අභාවයට ශෝකය පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.