Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස 19 න් පහළ අන්තර්ජාතික තරගයකදී පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට හසිත බෝයගොඩ සමත් විය. නවසීලන්තයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) පැවැති පළඟ අර්ධ අවසන් පූරව තරගයකදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් රැස්කරමින් ඔහු මේ හපන්කම කළේය. 

හසිතයේ දැවැන්ත ඉනිම නිසා මෙම තරගයේදී කෙන්යාව පරදවා ලකුණු 311 ක වාර්තාගත ජයක් අත්කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. 

දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවා පන්දු 151 කින් ලකුණු 191 ක් ලබාගත් හෙයින් ඕවර 50 ක් ඇතුළත කඩුලු 4 කට ලකුණු 419 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය. පන්දු 39 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ මෙම දකුණත් පිතිකරුවා, පන්දු 88 කදී ශතකය සම්පූර්ණ කළ අතර පන්දු 126 කදී ලකුණු 150 සීමාවද පසුකර ගියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් (29) සමග එක්ව පන්දු 68 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බෝයගොඩ සමත් විය. ඉන් නොනැවණ ඔහු නිෂාන් මධුසංක (60) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 147 ක සම්බන්ධතාවක්ද, ජෙහාන් ඩැනියෙල් (37) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. 

ද්විත්ව ශතකයට ලකුණු 9 ක් මෙපිටින් සිටියදී රෙනී වෙයාගේ පන්දුවක් හමුවේ අන්කිත් හිරානි අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස බෝයගොඩ පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 339 ක් ලෙස සටහන් විය. 

බෝයගොඩගේ දැවී යෑමෙන් අනතුරුව කමිඳු මෙන්ඩිස් (නොදැවී 53) සහ නිවනිඳු ප්‍රනාන්දු (නොදැවී 35) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 80 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

පන්දු 21 කදී වාර්තා වූ කමිඳුගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර නිවනිඳුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 420 ක ඉලක්කයක් හඹාගිය කෙන්යා කණ්ඩායම ඕවර 35.5 ක් අවසානයේ ලකුණු 108 කට සීමා කිරීමට හරීන් බුද්ධිල ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ බුද්ධිල, නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 10 ලකුණු 27 කට සීමාකරගත් අතර කඩුලු 4 ක් දවාගත්තේය. 

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.