මට සමාවෙන්න - ස්මිත් හඩමින් කියයි
- 2018-03-29 15:48:46
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් අද (29දා) නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණියේය.
සිඩ්නි ගුවන් තොටුපොළේදී පැවැති මාධ්‍ය හමුවේදී ස්මිත් සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් එහි සම්පූර්ණ වගකීම තබා බාර ගන්නා බවත්ය.
මෙම මාධ්‍ය හමුවේදී ස්මිත් හඩමින් කතා කළේය.
“මගේ කණ්ඩායම් සඟයන්ගෙන්, ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම... මට සමාවෙන්න. මට පැහැදිලිව කියන්න අවශ්‍යයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මෙහි වගකීම බාර න්නවා. මම වැරදි තීන්දුවක් ගත්තා. ඒක මගේ නායකත්වයේ දුර්වලතාවක්. මගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම කරනවා.
මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී මගේ ජීවිතයේ හැම අවස්ථාවකම කනගාටු වේවි. කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා. මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි කියා. හොඳ මිනිසුන් පවා වැරදි කරනවා. නමුත් මම විශාල වැරැද්දක් කළා. මම කාටවත් දොස් කියන්නේ නෑ.
මම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා. කේප් ටවුන්හිදී සිදුවුණ දේ පිළිබඳව සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා.”
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments